ජනප්‍රිය ගායක දුෂ්යන්ත් ගෙන් මිනිස් ජාවාරම ගැන පැමිණිල්ලක්

අද (19) දින අත්අඩංගුවට ගත් මොහොමඩ් රිස්වි මොහොමඩ් රිස්වාන් සහ තවත් මිනිස් වෙළෙඳාමේ නිරත වන පුද්ගලයන් කිහිපදෙනෙකුට විරුද්ධව ජනප්‍රිය ගායක දුෂ්යන්ත් වීරමන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකළේය.

ඒ දුෂ්යන්ත් වීරමන් මහතාගේ නිවසේ කලක් සේවය කළ කාන්තාවක් අද දින අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නීතීවිරෝධි ක්‍රියා හේතුවෙන් පිඩාවට පත්වීම සම්බන්ධවය. 

එහිදී ඔහු පැවසුවේ,

“මේ අයව ලියාපදිංචි කරන්නේ රස්සාවක් කරන්න කැමති කට්ටිය කියලා. නමුත් ගෙනියන්නේ විසිට් වීසා. මේ නිසා වැරදි මාර්ගයේ ගිහින් ඕමාන්වල වගේ රටවල විකිණෙනවා. මේකෙදි අපේ කෙනෙකුත් අහු වුණා. කොහොම හරි මෙයාව ගෙන්න ගන්න අපිට උදව් ලැබුණා.”

මේ අතර වංචනික ඒජන්සිකරුවන්ගේ රැවටීමට ලක්වන ඕමානයේදී අසරණ වන ශ්‍රී ලාංකික කාන්තාවන් එරට තානාපති කාර්යාලයට පැමිණි පසු එම කාර්යාලයේ නිලධාරියෙකුගේ හිංසනයට ලක්වන බව අප ඊයේ අනාවරණ කළේය.

දැනට වැඩ තහනමට ලක්ව ඇති එම නිලධාරියාගේ අකටයුතුකම් නිසා අසරණ වූ තවත් කාන්තාවන් පිරිසක් අදත් අපට අදහස් පළකළාය.

එහිදී ඔවුන් පැවසුවේ කුෂාන් නමැති අදාළ නිලධාරියා විසින් කාන්තාවන්ගෙන් මුදල් ඉල්ලන බවත් එය නොගෙවන පිරිසට ලංකාවට යාමට ඉඩ නොදෙන බවත්ය.

එමෙන්ම ඔහු කාන්තාවන්ට ලිංගික වධහිංසා සිදු කරන බවද එම කාන්තාවන් අප සමඟ ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.