පාසල් පද්ධතියට සතිමත්බව වැඩසටහන එක්කිරීමට සැලසුම් කෙරේ 

සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ජාති, ආගම් භේදයකින් තොරව සතිමත්බව ගුණාංගයක් වශයෙන් පුරුදු පුහුණු කිරීම, ජාතික මට්ටමෙන් ක්‍රියාවට නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් උපදෙස් ලබා දී ඇත.

එසේ අවශ්‍ය උපදෙස් ලබා දී ඇත්තේ ‘සති පාසල’ නියෝජිත කණ්ඩායමක් සමග අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවක දී ය.

‘සති පාසල’ වැඩසටහනේ නිර්මාතෘ පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව හිමියන් විසින් වසර ගණනාවක් පුරා අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන මෙම වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන ලෙසත් අමාත්‍යාංශ මට්ටමින් ඒ සඳහා දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවත් සඳහන් කළ අමාත්‍යවරයා සර්වාගමික නියෝජනයක් සහිත කමිටුවක් මගින් සියලුදෙනාටම ප්‍රයෝජනවත් වන ලෙස මෙම වැඩසටහන වඩාත් පුළුල් පරාසයක ක්‍රියාවට නැංවීමේ කාලීන යෝග්‍යතාව ද පෙන්වාදී තිබේ. 

පාසල්වල දෛනිකව සතිමත් බව ප්‍රායෝගික පුහුණුවීමට කාලයක් ලබාදී අත්හදාබලා අනතුරුව සෑම භාෂා මාධ්‍යයකින්ම න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් ඔස්සේ සමස්ත පාසල් පද්ධතිය තුළම මෙම ‘සතිමත්බව’ පිළිබඳව වැඩසටහන් පැවැත්වීමට යෝජනාවී ඇත.

Leave a Reply

Your email address will not be published.