ජනප්‍රිය නිළියගේ සහායකයා අත්අඩංගුවට

ජනප්‍රිය නිළියකගේ නියෝජිතයෙකු බව කියන ව්‍යාජ පොලිස් නිලධාරියෙකු ලෙස පෙනීසිටි පුද්ගලයෙකු ලග්ගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිල් මැණික් ගලක් වංචා කර රැගෙන යාමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොළ ප්‍රදේශයේ පදිංචි ගුණරත්න බණ්ඩාර නමැති පුද්ගලයෙකි.

එහිදී සැකකරු සන්තකයේ තිබී නිල් මැණිකක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

ජනප්‍රිය නිළියක් සහ ලග්ගල ප්‍රදේශයේ කාන්තාවක් සමග ගිවිසුම්ගතව මැණික් පතලක් පවත්වාගෙන ගොස් ඇත.

එහි කටයුතු බලාකියාගැනීම සඳහා ජනප්‍රිය නිලි මංජුලා කුමාරිගේ සැමියාගේ මිතුරෙකු වන මෙම සැකකරු පත්කර ඇති අතර ප්‍රදේශවාසීන්ට ඔහු තමන්ව හඳුන්වා දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ලෙසටය.

එසේම අවස්ථා කිහිපයකදී එම පතලේ ඇතිවූ ආරවුල් මත සැකකරු පොලීසිය වෙතට ගොස් ඇති අතර එහිදීද ඔහු තමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ලෙස හඳුන්වා දී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

මේ අතර සැකකරුට එරෙහිව ව්‍යාජ පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටීමේ චෝදනා මත අධිකරණ දෙකක මේ වනවිටත් නඩු පවතින බවද වාර්තා වෙයි.

සැකකරු ටෙලි නාට්‍ය කිහිපයක පොලිස් නිලධාරීයෙකුගේ චරිතය රඟපෑ බවද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ලග්ගල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published.