වන දළ ඇතුන් ඝාතනය කර රුපියල් කෝටි 04කට අධික වටිනාකමින් යුතු ගජමුතු ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වැල්ලවාය, කුමාරදාස මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකා ලාහුගල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත උපායදූතයෙකු යොදවා සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එහිදී සැකකරු සතුව තිබූ ගජමුතු 04ක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර, අටකලම්පන්න ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැල්ලවාය වන සත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය.