මහපොළ ප්‍රතිලාභ වැඩි කරනවා

මහපොළ ප්‍රතිලාභ මුදල වැඩි කරන්නට අවධානය යොමු කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දහසය දාහක් පමණ මහපොළ ශිෂ්‍යත්වය මගින් ප්‍රතිලාභ ලබන බව කී අමාත්‍යවරයා දැනට වසරකට බිලියන 1.6 ක් මහපොළ සදහා වෙන් කරන බව ඒ මුදල තවත් වැඩි කරන්නට අප කටයුතු කරන බවද කීය.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය ට සහභාගී වෙමින් අමාත්‍යවරයා කීවේ පාරිභෝගික සේවා පනත ඉක්මනින් වෙනස් කිරීමට කටයුතු කරන බවයි

Leave a Reply

Your email address will not be published.