ජනපති සහ මාලදිවයින් උප ජනපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයින් උප ජනාධිපති ෆයිසාල් නසීම් (Faisal Naseem) මහතා අතර හමුවක් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාලදිවයින් උප ජනාධිපතිවරයාව ඉතා සුහදශීලිව පිළිගත් අතර සුහද කථා බහකින්  අනතුරුව නායකයන් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සහාය වන ලෙස මෙහිදී මාලදිවයින් උප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ ක්‍රියාවලියේ දී  මෙන්ම අධි සුඛෝපභෝගී සේවා භුක්තිවිඳින සංචාරකයන් මෙරටට ආකර්ශනය කර ගැනීම වෙනුවෙන් ලබාදිය හැකි සහාය පිළිබඳව ද මාලදිවයින් උප ජනාධිපතිවරයා දැනුවත් කළේය. 

Leave a Reply

Your email address will not be published.