අපරාධකරුවන් 6ක් කිලිනොච්චියේ දී අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් 06 දෙනෙකු කිලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කිලිනොච්චිය පොලිස් වසමේ සිදුකරන ලද මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින්ට තුවාල සිදුකිරීම, නිවෙස්වලට හා දේපළවලට අනර්ථය සිදුකිරීම, යතුරු පැදි සොරකම් සහ මුදල් කොල්ලකෑම යන අපරාධවලට සැකකරුවන් සම්බන්ධ බවට අනාවරණය වී තිබේ.

සැකකරුවන් අවුරුදු 21 ත් 31ත් අතර වයස්වල පසුවන අක්කරායන්කුලම් සහ කිලිනොච්චිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා විය.

Leave a Reply

Your email address will not be published.