නිදහස ඔප්නංවන ව්‍යවස්ථාවක් ගැන ජනපති අපේක්ෂාවෙන්

සියලුදෙනා එක් වී බුද්ධිමත්ව කටයුතු කළහොත් නිදහස ඔප්නංවන ව්‍යවස්ථාවක් ඇති කර ඒ හරහා ව්‍යවස්ථාදායක රජයක් බිහි කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ඔහුගේ නීතීඥ දිවියට වසර 50ක් සපිරීම වෙනුවෙන් ඊයේ (03) පැවති උත්සවයේදීය.

එහිදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ජනපතිවරයා පාර්ලිමේන්තුව සහ එහි උත්තරීතරභාවය ශක්තිමත් කිරීමට කටයුතු කළා මිස කිසිවිටෙකත් ස්වයං ප්‍රවර්ධනයට කටයුතු නොකළ බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙරට නීති වෘත්තිකයින් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් කොළඹදී ඊයේ පැවති අතර ඊට අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, අගවිනිසුරුවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මැති ඇමතිවරු රැසක් එක්ව සිටියහ.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා,

“ඔබ මේ රට භාරගද්දි අපිට පෙට්‍රල් පෝලිම් තිබුණා. සමහර අවස්ථාවල ජනතාව පෙට්‍රල් ලබා ගැනීමට පැය 48ක් පෝලිම්වල රැඳී සිටියා. රටේ ගෑස් තිබුණේ නැහැ. අපිත් ඇතුළුව නිවාසහිමියන් රැසක් දර ළිප වැනි විකල්ප මාර්ග ගැන සලකා බැලුවා. ජූලි 3 වැනි සතියේ සිට අදත් අපිට පෙට්‍රල් පෝලිම් නැහැ. නිදහසේ ගෑස් මිලදී ගන්න පුළුවන්. බොහෝ ඖෂධ වර්ග තිබෙනවා. කිරි පිටි තිබෙනවා වගේම විදුලි කප්පාදුව වැඩි කර නැහැ.  අපි මේ දේවල් නිකම්ම ලැබුණ දේවල් ලෙස සලකන්නේ නැහැ. මතු කියවෙන කරුණු නිසා මම ඔබට සුබපතනවා. ඔබ කිසිවිටෙකත් ස්වයං ප්‍රවර්ධනයට කටයුතු කළේ නැහැ.  පක්ෂයේ සුබ සිද්ධිය වෙනුවෙන් වගේම පාර්ලිමේන්තුව සහ එහි උත්තරීතරභාවය ශක්තිමත් කිරීමටයි ඔබ කටයුතු කළේ.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“මෙය දේශපාලනඥයින්ට පමණක් අදාළ කරුණක් නෙවෙයි, මම මෙහි සිටින සියලුදෙනාට යමක් කියන්න කැමතියි. අපි සියලුදෙනා එකතු වී බුද්ධියෙන් කටයුතු කරමින් නිදහස ලබා වසර 75ක් සපිරෙන ලබන වසරේදී අපේ ප්‍රධාන ගැටලු පසෙක දමා එක මවකගේ දරුවන් ලෙස සිටින්න පුළුවන් නම් මම ඊට කැමතියි. එයින් අප අතර ප්‍රමාණවත් අවබෝධයක් ඇති වේවි. එකිනෙකාගේ අදහස්වලට ගරු කරමින් අපේ නිදහස ඔප්නංවන ව්‍යවස්ථාවක් ඇති කරමින් ව්‍යවස්ථාදායක රජයක් බිහි කරන්න.” 

මේ අතර මෙරට බැංකු පද්ධතිය කඩා වැටී නැතැයි තමන් සහතික වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අයවැය පිළිබඳ ගැටලු සාකච්ඡා කිරීමට 2048 වේදිකාව නැමති තරුණ සංවිධානය ජනාධිපති නිල නිවසේදී සංවිධාන කළ විශේෂ වැඩසටහනකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – විශ්වවිද්‍යාල තුළ නවක වධය නවත්තන්න බැරිද ?

“නවක වධය නවත්වන්න තියෙනවා. ඒක අපි දැන් කරගෙන යනවා.  එන අවුරුද්දේ ඉඳන් තදින් ක්‍රීයාත්මක කරන්න.”

ප්‍රශ්නය – ඒ සඳහා යම්කිසි නීතියක් හෝ යම්කිසි ආයතනයක්  ආරම්භ කරන්නට බැරිද ? මේ නවක වධය පිළිබඳව පැමිණිලි කරන්න ? 

කරන ආයතන ඒවාට වගකියන සංවිධාන ඉස්සරලා  නැති කරන්න ඕනේ.”

ප්‍රශ්නය – දැන් අපි  දකිනවා බැංකුවල ස්ථාවර තැන්පතු පොලිය ඉතා වැඩියි. ණය පොලී අනුපාතයත් වැඩී. වගේම දැන් බැංකු පද්ධතිය හෙමින් හෙමින් කඩාවැටීමට ලක්වෙන බව පේනවා. රජයට මේ සම්බන්ධයෙන් කුමක්ද කරන්න පුළුවන් ?

“පළමුව මට ඔබට සහතිකළ හැකියි බැංකු පද්ධතිය කඩා වැටීමක් සිදුනොවන බව. පොලීි අනුපාත ක්‍රමයෙන් පහළ මට්ටටමකට පැමිණේවී. මොකද මෙය අසාමාන්‍ය තත්තවයක් නිසා සාමාන්‍ය ආකාරයෙන් මෙහිදී කටයුතු කළ නොහැකියි. ඒ අනුව ලබන වසර වනවිට සාමාන්‍ය තත්ත්වයක් ඇතිවන බව මට සහතික වශයෙන් කියන්න පුළුවන්.” 

ප්‍රශ්නය – මම දැක්කා අයවැය යෝජනාවල තිබෙනවා රජයටහිමි ව්‍යාපාර වන ටෙලිකොම්, හිල්ටන් වැනි ආයතන පුද්ගලීකරණය කරන්න යනවා කියලා. එය සිදුකරන්න එපා කියලා වෘත්තිය සමිති ඇතුළු පිරිස් ඒකරාශි වෙනවා මම දැක්කා. මේ සම්බන්ධයෙන් ඔබ ගන්නා ප්‍රවේශය මොකක්ද ?

“අපිට මුදල් නැහැ. අපිට විදේශ විනිමය සංචිත නැහැ. එකම මාර්ගය ඔබ සතු දෙයක් විකුණා එය ගොඩනැඟීමයි.” 

ප්‍රශ්න – තරුණ පරපුරට පණිවුඩයක් දෙන්න මේ අර්බුදයෙන් අපිට ගොඩඑන්න පුළුවන් කියන සහතියක සමගින් ?

“අපි මේකෙන් ගොඩ එනවා. තරණයෝ එකතුවෙලා හිටියොත් මීට වඩා වේගයෙන් ගොඩ එනවා. අපිට නිකං දුවලා යන්න බැහැනේ. අපි යමු එංගලන්තයට.  එංගලන්තයේ රස්සා අඩුයිනේ දැන්. එතකොට ඉංජිනේරු මහත්තයෙක් කාර් හෝදන්න යනවද ? ඉතින් ඇයි ඒක මෙහෙ කරන්න බැරි?  මෙහෙ කරොත් කාර් හෝදනවා විතරක් නෙමෙයි තමන්ගේ සල්ලිවලින් කාර් හෝදන ව්‍යාපාරයක් පටන්ගන්න පුළුවන්.  ඒ රටේ ඒ සල්ලි නැනේ. ගිහින් කාර් එක හෝදනවා. පාට්ටයිම් කරන්නේ. ඒවා කරන්න බැහැනේ. අපි ඉන්න තැන අපි හදාගමු අපේ ලෝකය.”

Leave a Reply

Your email address will not be published.