පලාලි හි ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹෙයි

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් අත්හිටවූ යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් සේවා කටයුතු එළඹෙන 12 වනදා යළි අරම්භ කිරීමට නියමිත බව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි

අද (05) පාර්ලිමේන්තු අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2019 ඔක්තෝම්බර් 17 වනද විවෘත කළේය.

පසුව කොවිඩ් -19 වසංගතය හේතුවෙන් එහි මෙහෙයුම් කටයුතු නවතා දැමීමට බලධාරීන් තීරණය කළේය.

“පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගැන කියනවානම් පසුගිය කාලය තුළ කොවිඩ් වසංගතය හේතුවෙන් අපිට වහන්න සිද්ධ වුණා. නමු එය නැවත ඔපරේෂන් ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා මේ මාසයේ 12 වනදා වෙනකොට පළමු ගුවන්යානය ඉන්දියාවේ සිට මෙරටට  පැමිණෙනවා.”

Leave a Reply

Your email address will not be published.