කිරි පිටි ආනයනය අඩු කිරීමට සැලසුම්

දේශීය කිරි නිෂ්පාදනය වර්ධනය කර ආනයනික කිරි පිටි මත යැපීම වැළැක්වීම සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ පියවරක් යෝජනා කර තිබේ.

ඒ අනුව ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සමග කටයුතු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු  කර තිබේ.

එම කමිටුව මගින් දේශිය දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කෙටි, මධ්‍ය සහ දිගු කාලීන සැලැස්මක් සැකසීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.