මනුෂ්‍ය ඝාතනයකට සැකපිට 6ක් අත්අඩංගුවට

මාළිගාවත්ත, ජයන්ත වීරසේකර මාවත ප්‍රදේශයේදී යකඩ බටයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අවුරුදු 34ක හා අවුරුදු 44ක වැලිසර හා කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (07) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

තවදුරටත් සිදුකළ විමර්ශනයේ දී මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිව්දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් අවුරුදු 18,22,27 හා 31 වන වයස්වල පසුවන දෙමටගොඩ හා මරදාන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.