ඊයේ රාත්‍රියේ පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් උඩුගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උඩුගම ගෝණදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙකි.
නිවසට පිටතින් ඇසුණු ශබ්දයක් ගැන සොයාබැලීමේදී අදාළ පුද්ගලයාට පිරිසක් පහරදෙන අයුරු නිවැසියන් දැක ඇත.
එම අවස්ථාවේ ඔහුගේ බිරිඳ, දරුවා සහ මව නිවසේ සිට ඇති බවටද තොරතුරු වාර්තාවෙයි.
අනතුරුව ඔවුන් විසින් පහරකෑමට ලක්ව ඇති පුද්ගලයා උඩුගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් බරපතළ තුවාල ලබා සිටි එම පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මේ අතර පොලීසිය පවසන්නේ මෙම අමානුෂික පහරදීම සිදුකළ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බවය.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.