මාරක අනතුරුවලින් දරුවෙක් ඇතුළු 6ක් මරුට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළුව පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ.

කුලියාපිටිය – නාරම්මල මාර්ගයේ බෝහිංගමුව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි කුඩා දරුවෙකුගේ ගැටී ඇති අතර රෝහල් ගත කර පසු දරුවා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 11 හැවිරිදි කිතලව ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.

මේ අතර නුවරඑළිය බස්නැවතුම්පලට බස් රථයක් ඇතුළු කිරීමට උත්සාහ කිරීමේ දී එම බස් රථයේ පදිකයෙකු ගැටීමෙන් සිදුවු අනතුරකින් අදාළ පුද්ගලයා මියගොස් තිබේ.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ අඹවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක සුනඛයෙකු ගැටී එම යතුරුපැදිය පෙරළීයාමෙන් සිදුවු අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇත.

එමෙන්ම අක්කරේපත්තුව – පොතුවිල් මාර්ගයේ පෙරිය මොහොත්තුවාරම් පාලම අසලදී ද යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් සිදුවු අනතුරකින් පැදිකරු මියගොස් තිබේ.

මේ අතර රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ බටුගෙදර ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් සිදුවු අනතුරකින් බරපතල තුවාල ලැබු පැදිකරු රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේ දි මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

එමෙන්ම වැල්ලවාය – තණමල්විල මාර්ගයේ තෙළුල්ල ජනපදය ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරෙන් බරපතල තුවාල ලැබු වෑන් රථ රියදුරු මියගොස් ඇත.

Leave a Reply

Your email address will not be published.