නුගේගොඩ පිහි ඇනුමක්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඩිලාන් සේනානායකට පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබේ.

ඊයේ (14) රාත්‍රීයේ ඔහුට එම පහරදීම සිදුකර ඇති අතර ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව  මිරිහාන මූලස්ථාන පොලීසිය පවසයි.

නුගේගොඩ, පාගොඩ මාර්ගයේ පිහිටි ඔහුගේ ඡායාරූප ශාලාව තුළ සිටියදී එහි පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පිහි ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.

පිහි පහර ඔහුගේ අතකට වැදී තිබුණි.

පිහි ප්‍රහාරය එල්ලකළ සැකකරුවන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය පරීක්ෂණ පවත්වයි

Leave a Reply

Your email address will not be published.