කොවිඩ් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය ගත් තීරණය

කොවිඩ් -19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් ඇති නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්නම් පවසන්නේ ලබන ජනවාරි මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුව රැස්වී ඊට අදාළ නිර්ණායක සාකච්ඡා කිරීමට නියමිත බවය.

පසුව කොවිඩ් -19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් ඇති නොකරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. 

මේ වන විට ලෝකය තුළ කොවිඩ් රෝගය ව්‍යාප්ත වීම අවම මට්ටමක් පවතින නමුත් කොවිඩ් මරණ වාර්තා වීම් තවදුරටත් දක්නට ලැබෙන අතර එම මරණවලින් බොහෝ පිරිසක් කොවිඩ් එන්නත ලබානොගත් පිරිස බව වාර්තා වේ.

මේ වන විට ලොව පුරා ජනගහනයෙන් සියයට 30ක් වැනි පිරිසක් කිසිදු මාත්‍රාවක් හෝ ලබානොමැති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.