බෙන්තොට සාදයක දී මත්ද්‍රව්‍ය සමග 30ක් අත්අඩංගුවට

බෙන්තොට බෝධිමළුව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පැවති සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පවත්වන බවට පොලීසියට ලද තොරතුරත් මත ඊයේ (17) වැටලීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.

සැකකරුවන් අවුරුදු 21ත් 37ත් අතර වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් වත්තල, නාරහේන්පිට, කොටහේන, මාළිගාවත්ත, මට්ටක්කුලිය, වලස්මුල්ල සහ කොළඹ 12 ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (18) බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.