ජපුර සරසවියේ සිසුවෙක් මරුට

වීරවිල වැවේ සොරොව්ව අසල දිය නෑමට ගිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ.

එම විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ 30 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ පිහිටි තවත් සිසුවෙකුගේ නිසකට ගොස් යළි පැමිණෙමින් සිටින අතරවාරයේ දිය නෑමට ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

එහිදී අදාළ සිසුවා දියේ ගිලී ඇති අතර ඊයේ (17) රාත්‍රියේදී සිරුර සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ බදුල්ල දෙමටවැල්හින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.