මීගමුව මහ රෝහලේ 08වන මහලෙන් බිමට පැන කාන්තාවක් දිවි හානිකරගෙන ඇත.
මියගොස් ඇත්තේ උදරාබාධයක් හේතුවෙන් පසුගිය 14 වන දින සිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් බව පොලීසිය පැවසුවේය.
එම ගොඩනැගිල්ලේ 08 වන මහලේ ජනේලයකින් බිමට පැන ඇති කාන්තාව පළමු මහලේ ඉදිරිපස ඇති කොන්ක්‍රීට් තට්ටුව මතට වැටී තිබේ.
සිද්ධියෙන් මියගිය කාන්තාව මීගමුව අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කළේය.