හොර ජල මනු කියවන්නෙක් මාට්ටු

ජලසම්පාදන මණ්ඩලයේ විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස හඳුන්වා දෙමින් ජල සැපයුම විසන්ධි කරන බව පවසා කප්පම් මුදල් ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන මධ්‍යම යන්ත්‍රාගාරයේ කම්කරුවකු ලෙස සේවය කරන වයස අවුරුදු 44 ක පුද්ගලයෙකි.

සැකකාර පුද්ගලයා කැස්බෑව ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයකට ගොස් තමන් ජලසම්පාදන මණ්ඩලයේ ජල සැපයුම විසන්ධි කරන නිලධාරියකු ලෙස හඳුන්වා දෙමින් ආයතනය මගින් නිකුත් කරන ලද හැඳුනුම්පත පෙන්වා එම ආයතනයේ ජල බිල්පත් පරීක්ෂාකර බිල් නිසි පරිදි නොගෙවීම හේතුවෙන් ජල සැපයුම විසන්ධි කිරීමට සිදුවන බවට පවසා තිබූ බව පොලිසිය කියයි.

ජල සැපයුම විසන්ධි නොකර සිටීමට නම් තමන්ට රුපියල් 4000 මුදලක් ලබා දෙන ලෙසත් සැකකරු පවසා ඇති අතර එතරම් මුදලක් නොමැති බව පැවසීමෙන් අනතුරුව තේ බීමට රුපියල් පන්සියයක් ලබා දෙන ලෙස සැකකරු ව්‍යාපාරිකයා ට පවසා තිබූ බව පොලීසිය කියයි.

Leave a Reply

Your email address will not be published.