අංජු ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා කඩුවෙල ප්‍රදේශයේදී හර්ෂ මදුශාන් ජානක නොහොත් අංජු නමැති අය පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් පහරදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය.

කඩුවෙල නාගහමුල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි “කට් ඉෂාර“ නමැති අයෙකු බවද විමර්ශන නිලධාරීන් පවසයි.

සැකකරු සතුව තිබී අයිස් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 220ක්, කඩුවක් සහ මෝටර් රථයක් ද විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇති අතර ඔහු ඉදිරි විමර්ශන සඳහා කඩුවෙල පොලිස් ස්ථානයට භාරදී තිබේ.

Leave a Reply

Your email address will not be published.