මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හිඟයක්

මේ වසර අවසානයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 100කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යෑමට නියමිත බවත් එය  ප්‍රබල ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂණ සේවාවට බලපාන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

“මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලංකාවේම 3,200ක් පමණ තමයි ආවරණය කරන්නේ. ඉතාම අඩු සංඛ්‍යාවක්. එම සංඛ්‍යාවෙන් 100කට ආසන්න සංඛ්‍යාවක් දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම යාමට නියමිතයි. විශේෂයෙන්ම ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂකයාගේ සිටම පළාත් සියල්ල  නියෝජනය වන විදියට 100කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යනවා. මේක ප්‍රබල ලෙස සෞඛ්‍ය පරීක්ෂණ සේවයට දැනෙනවා. අපිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු පුහුණු කරන්න අවුරුදු 2කට ආසන්න කාලයක් යනවා තාක්ෂණික නිලධාරියෙක්.  නැවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පුහුණුකරලා සේවයට එකතුකර ගන්නා තුරු පුරප්පාඩු සහිතව සේවය සැපයීම මහජනතාවට දැනේවී. කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය සේවාවේ වගේම අනෙකුත් සේවාවාන් වලටත් යම් කිසි සේවා දීගුවක් ලබා දෙනවා නම්. මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවටත් වයස 63ක දක්වා දීර්ඝ කිරීමක් ලබා දෙන්නේ නම්   තරමක් දුරට මේ හානිය අපිට වළක්වා ගන්න පුුළුවන්. අනපේක්ෂිත මොහොතක මෙවැනි සංඛ්‍යාවක් විශ්‍රාම යාම මහජන සෞඛ්‍ය සේවාවට ප්‍රබල ගැලුවක් නිර්මාණය කරයි.”

Leave a Reply

Your email address will not be published.