දකුණු පළාතේ ඒටීඑම් සුද්දයක්

දකුණු පළාතේ නගර තුනක පිහිටි රාජ්‍ය බැංකු තුනක ඒටීම්  යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදල් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.

හික්කඩුව, ගාල්ල හා බද්දේගම නගරවල පිහිටි  ඒටීඑම් යන්ත්‍ර වලින් මෙම මුදල් සොරාගෙන ඇත.

ඒ ටි එම් යන්ත්‍රවල ඇති පරිගණක පද්ධතියට අනවසරයෙන්  ඇතුළුවී මෘදුකාංග වෙනස් කර එක් ඒටීඑම් යන්ත්‍රයකින් රුපියල් හතලිස් හය  ලක්ෂ අසූ දහසක් තවත් යන්ත්‍රයකින් රුපියල්  දෙලක්ෂ හැත්තෑ පන්දහසක් හා අනෙක් යන්ත්‍රයෙන් රුපියල් පනස් හත් ලක්ෂයක් මෙලෙස සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

විදේශකයින් බවට සැකකරන පිරිසක් එම කුටි තුළ සවිකර තිබෙන සිසිටිවි කැමරා වලට ස්ටිකරයක්  වැනි යමක් අලවා එකම ආකාරයෙන් මෙම සොරකම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

මෙම මහා පරිමාණ මුදල් වංචාවට එකම පිරිසක් සම්බන්ධ බවට සැකකරන අතර හික්කඩුව, ගාල්ල හා බද්දේගම යන පොලිස් ස්ථානවලින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.