ජනපති සහ UN සහකාර මහලේකම් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර හමුවක් සිදුවී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද (04) ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව සිදුවූ බවය.

එහිදී ජනාධිපතිවරයා විසින්, පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව සහ ජනවාර්ගික ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග සිදුකළ සාකච්ඡා පිළිබඳව ඇයව දැනුවත් කර තිබේ.

මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලක සහ ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි විග්නරාජා මහත්මිය ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන සංවර්ධනය සඳහා සිදුකරන සැලසුම් පිළිබඳව ද සිය ප්‍රසාදය පළ කර තිබේ.

අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී ඇය මේ බව ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published.