ඝාතනයට ලක්වූ ෂාෆ්ටර්ගේ පාර්ශවයෙන් කළ විශේෂ ඉල්ලීම

ව්‍යපාරික දිනේෂ් ෂාෆ්ටර් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (04) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්‍ රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල කාමරයේදී  පැවැත් වුණි.

එම පරීක්ෂණය මුලින්ම විවෘත අධිකරණයේ කැඳවූ අතර මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, මරණකරුගේ පාර්ශවයෙන් කරන ලද ඉල්ලීමක් අනුව සාක්ෂි සටහන් කර ගැනීම තම නිල මැදිරියේ සිදුකරන බවය. 

ඒ අනුව මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේ දී සාක්ෂි සටහන් කරගැනීම සිදුවුණි.

එම පරීක්ෂණය ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි වුණේ නැත.

මෙහිදී මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිඳ සහ තවත් විධායක නිලධාරියෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ බව වාර්තා වේ.

වැඩිදුර සාක්ෂි විභාගය ලබන 10 වනදා තෙක් කල් තැබුණි.

මෙහිදී දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

Leave a Reply

Your email address will not be published.