රට වෙනුවෙන් එකතුවී වැඩ කිරීමට ආරාධනයක්

රටේ සංවර්ධනය වෙනුවෙන්  එකතුවී වැඩ කිරීමට සියලු දෙනාට ආරාධනා කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

පාර්ලිමේන්තු කාරක සභා මේ වසරේදී උපරිම ලෙස ක්‍රියාත්මක කිරීමට  බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.

ජාතික සභාව සක්‍රිය කිරීමටද සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වන බව පැවසූ අගමැතිවරයා සියලුම මන්ත්‍රීවරුන්ට නව වසර වෙනුවෙන් සුභ පැතුම් පිරිනමන බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ නව වසර වෙනුවෙන්  විශේෂ ප්‍රකාශයක් කරමිනි.

Leave a Reply

Your email address will not be published.