වී ගන්න සල්ලි දෙන්නැයි කැබිනට්ටුවෙන් ඉල්ලයි

2022/23 මහ කන්නයේ වී  අලෙවි මණ්ඩලය මගින්  වී මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් හෝ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මගින් හෝ සාධාරණ පොලී අනුපාතයක් මත අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස ඉල්ලා කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය  මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍යවරයා අත්සන් තැබූ අතර , බොහෝ දුරට එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

මෙවර මහ කන්නයේ දී මේ වනවිට හෙක්ටෙයාර්   හත්ලක්ෂ හැත්තෑදහසක වී වගා කර තිබේ. 

Leave a Reply

Your email address will not be published.