මුදල් වංචාවකට කොටුවූ සැකකාරියෝ

මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණයක නඩු භාණ්ඩ වශයෙන් ඇති රන් පවුම් 70ක් නිදහස් කර දීමට හැකි බව පවසා මුදල් රුපියල් 3,694,000ක් ගිණුම්ගත කරවාගෙන මුදල් චංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනා ඊයේ (04) දහවල් කාලයේදී කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන නෙල්ලිඅඩි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති  සැකකාරියන් අවුරුදු  36 හා 38 යන වයස්වල පසුවන වැලිවැටිතුරය ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙකි.

සැකකාරියන් අද (05) පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නෙල්ලිඅඩි පොලීසිය හා කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.