පුනරුත්ථාපන කඳවුරක සිට නිදහස්ව දින දහයෙන් හඳුනා නොගත් මත් කර 38 සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩ උයන පොලිසිය පවසයි.
මෙම සැකකරු කලබලකාරී ස්වභාවයෙන් පොලිසිය දැක කලබලයෙන් හැසිරුණු අයුරු දැක ඒ සම්බන්ධයෙන් සැක සිතී සිදු සිදුකළ පරීක්ෂාවේ දී මෙම මත් කරල් අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
අදාළ සැකකරු ගෙන් සිදුකළ මූලික වූ විමර්ශනයේදී ඔහු පල්ලෙකැලේ පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වී නිවසට පැමිණ දින දහයක් ගත් වී ඇති බව අනාවරණය වූ බව සඳහන් කරන පොලිසිය පැරණි බෙහෙත් කාඩ්පපතක් ෆාමසියට පෙන්වමින් මෙම ඖෂධ ලබාගෙන ඇති බවට පොලිසිය පැවසීය.