රටවල් තුනක් සමග වෙළෙඳ ගිවිසුමකට සාකච්ඡා

චීනය, තායිලන්තය සහ ඉන්දියාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළඹීම සඳහා නැවත වරක් සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වනු ඇත.

2018 වසරේදී අතර මග නවතා දැමුණු සාකච්ඡාවල තුන්වැනි වටය ආරම්භ කිරීම සඳහා තායිලන්ත නිලධාරීන් එළඹෙන සඳුදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ ප්‍රධාන සාකච්ඡාකරු කේ.ජේ. වීරසිංහ මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකාව සමඟ 2021 වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක පමණ ද්විපාර්ශ්වික වෙළඳාම් කටයුතු සිදුකළ චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා පෙබරවාරි,මාර්තු මස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කේ.ජේ. වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එම සඳහා වැදගත් වන ආර්ථික හවුල්කාරීත්වය ඇති කර ගැනීම සහ මෙරටට ආයෝජන ලබා ගැනීමේ අවස්ථා පුළුල් කර ගැනීම සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ අරමුණ බවත් මෙම වසර අගදී හෝ 2024 වසර මුලදී චීනය, තායිලන්තය සහ ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුම්වලට එළඹීම තමාගේ ඉලක්කය බවත් වීරසිංහ මහතා පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published.