ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථානමාරු

රාජකාරි අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරුකර තිබේ.

ඒ අනුව, නියෝජ්‍ය පොලිස්පති කේ.වි.ඩි.ඒ.ජේ කරවිට, වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ජේ.පි.ඩි ජයසිංහ සහ පි. ලියනගේ යන මහත්වරුන් ස්ථානමාරු කර ඇති බව පොලීසිය පැවසුවේය.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙකු, පොලිස් අධිකාරිවරයෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු ස්ථානමාරු කර තිබේ.

Leave a Reply

Your email address will not be published.