ලාෆ්ස් ගෑස් මිල පහළට

ගෘහස්ථ ගෑස් මිල පහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල 5080ක් බව එම සමාගම පවසයි.

එසේම කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝ ග්‍රෑම් 5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2032කි.

මේ අතර අදාළ නිවේදනය මගින් එම සමාගම වැඩිදුරටත් දැනුම්දී සිටින්නේ අනෙකුත් දිස්ත්‍රික්ක අනුව වෙනස්වෙන මිල ගණන් දැනගැනීම සඳහා පාරිභෝගික සේවා අංකය වන 1345 අමතන ලෙසටය.

Leave a Reply

Your email address will not be published.