ඇමතිගේ විවේචනයට කෝප් කමිටුවේදී විරෝධය

කෝප් කමිටුව ලබාදෙන නිර්දේශ සම්බන්ධයෙන් කිසිම පුද්ගලයෙක්ට අභියෝග කිරීමට නොහැකි වන පරිදි කතානායකවරයා වෙත පැමිණිල්ලක් සිදුකළ යුතු බව කෝප් කමිටුවේ සාමාජිකයින් පවසයි. 

එම සාමාජිකයින් මෙලෙස සඳහන් කළේ පසුගියදා මනූෂ නානායක්කාර අමාත්‍යවරයා කෝප් කමිටුවේ ක්‍රියා කලාපය විවේචනය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

පසුගියදා කොළඹ පැවති උත්සයකදී මනූෂ නානායක්කාර අමාත්‍යවරයා කෝප් කමිටුවේ මෙන්ම විගණකාධිපතිවරයාගේ ක්‍රියාකලාපයද දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්නා ලෙස විගණකාධිපතිවරයා අද (06) කෝප් කමිටුවෙන් ඉල්ලීමක් කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා,

“විගණකාධිපතිවරයා ඉදිරිපත් කරලා තියෙන්නේ ඔහු දකින නිර්දේශ ටික ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සමග කටයුතු කරන්න තමයි මේ කෝප් කෝපා කියන කමිටු දෙක හදලා තියෙන්නේ. එතකොට ඇමතිතුමා විසින් රාජ්‍ය නිලධාරීන් ඉදිරියේ මේ විදියේ අදහස් දැක්වීමක් කළාම ඒක ටිකක් සුදුසු නෑ කියන එක තමයි මගේ මතය. මේ කමිටුවට නිෂ්චිත බලයක් දීලා තියෙනවා. ඒ බලය අනුව ඔබතුමන්ලට පුළුවන් කමිටුව විදියට එකට සුදුසු ප්‍රතිචාරය දක්වන්න.”

Leave a Reply

Your email address will not be published.