ගොවීන් ට අද සිට ඩීසල්

චීන රජය විසින් මෙරටට ලබාදුන් ඩීසල් තොග, වී ගොවීන් සඳහා නොමිලේ බෙදාහැරීමේ කටයුතු අද (09) සිට කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත මෙරට කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාව වෙනුවෙන් ඩීසල් ලීටර් මිලියන 10.06ක තොගයක් චීන රජය විසින් පරිත්‍යාග කර තිබුණි.

එම ඉන්ධන වී වගා කරන ගොවි ජනතාව වෙත නොමිලයේ බෙදාහැරීම් කටයුතු අද සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා පවසයි.

ඉන්ධන තොගය එක් එක් ගොවීන්ට විශේෂ වවුචරයක් මගින් ඔන්ලයින් ක්‍රමයට ලබා දීමට සැළසුම් කර ඇති අතර එකී වවුචර පත නිල වශයෙන් නිකුත් කිරීම අද පෙරවරු 11.00 කෘෂිකර්ම  අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.
 
ඒ අනුව අස්වනු නෙළීමේ කටයුතු වෙනුවෙන් හෙක්ටෙයාර් එකක් සඳහා ඩීසල් ලීටර් 15ක් හා හෙක්ටෙයාර් 02ක් සඳහා ඩීසල් ලීටර් 30ක් වශයෙන් එම ඉන්ධන ගොවීන් වෙත ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.