නියෝජ්‍ය කථානායකගේ කුලියට දුන් ඉඩමේ ගංජා වවලා

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට අයත් මත්තල ප්‍රදේශයේ පිහිටි ඉඩමක ගංජා වගාකළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය, කතරගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට අයත් අක්කර 10ක භූමියක් කුලියට ලබාගෙන ඉන් අක්කර 2 ½ ක පමණ භූමි ප්‍රමාණයක නීතිවිරෝධී ලෙස ගංජා වගා කර ඇති බව සඳහන් වෙයි. 

අඩි 4½ ක් පමණ උස ගංජා ගස් 18,956ක් මෙම හේනේ තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published.