සමෘද්ධි ලාභීන්ගෙන් සියයට 40ක්ම නුසුදුස්සන් බවට හෙළිවේ

සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමේදී විනිවිද බවකින් යුතුව එම ප්‍රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හඳුනාගනිමින් ලේඛනයක් සකස් කිරීම සඳහා දත්ත ලබාගැනීම සමෘද්ධි නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී ඇති බව පසුගියදා (10) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අංක 2302/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියෝග සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙලෙස සමෘද්ධි ඇතුළු සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී දූෂණවලින් තොරව විනිවිදබවකින් යුතුව එම කටයුතු සිදුකිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක් බවත් ඒ අනුව ඒ සඳහා වගකීම පැවරෙන්නේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට බවත් මෙහිදී වැඩිදුරටත් හෙළිවිය. 

ඒ අනුව එම දත්ත රැස්කිරීමේ කටයුතුවලට අවශ්‍ය විධිවිධාන සඳහා මෙම ගැසට් පත්‍රයේ නියෝග පළකොට ඇත.

Leave a Reply

Your email address will not be published.