අත්අඩංගුවේදී මියගිය පුද්ගලයා ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකාරවරයාගේ මරණය මොට ආයුධවලින් පහරදීම නිසා ශරීර අභ්‍යන්තරයේ ඇතිවූ ලේ ගැලීම හේතුවෙන් සිදුවී ඇතැයි මරණ පරීක්ෂණයේදී අනාවරණවී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ බව අනාවරණය වී ඇත්තේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයට අනුව විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව බව පොලීසිය පැවසීය. 

එලෙස මියගොස් ඇත්තේ හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ. ජී. එස්. ප්‍රීති කුමාර නමැති 41 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයාගේ ශරීරයේ අභ්‍යන්තරයේ තුවාල 30 කට අධික ප්‍රමාණයක් තිබෙන බවටද ආරංචි මාර්ග සඳහන් කරයි.

උපායදූතයන් ලබාදුන් තොරතුරකට අනුව මියගිය සහකාර කළමනාකාරවරයාව වෘත්තීය පුහුණු අධිකාරිය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව පොලිස් විශේෂ කාර්ය බළකා මරදාන පිහිටි පොලිස් බැරැක්කය අසලට ඔහුව රැගෙන ගිය අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට අසල තිබූ වීදුරු බෝතලයක් කඩා පහරදීමට උත්සාහ කර ඇත.

එහිදී පොලිස් නිලධාරීන් සිදුකළ පහරදීමකින් අනතුරුව තුවාල ලැබූ සහකාර කළමනාකාරවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.

උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් පස් දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් සැකකාර සහකාර කළමනාකාරවරයාව අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published.