සායනික රෝගීන් මියයනවා – වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

සියලුම රජයේ රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර ලෙස පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (13) අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් පෙන්වා දුන්නේ පිළිකා ඖෂධවලින් බොහෝ ප්‍රමාණයක් රෝහල් තුළ නොමැති බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා,

“සරල ම ඖෂධ වෙන පැරසිටමෝල් සිරප් එක, සැල්බුටමෝල් පෙත්තේ සිට ශල්‍යකර්ම සිදුකිරීම සඳහා අවශ්‍ය වන ඖෂධ දක්වා විශාල හිඟයක් පවතිනවා. පිළිකා සඳහා භාවිතයට ගන්නා ඖෂධ 22කින් තියෙන්නේ 3ක් විතරයි. උපකරණ වල විශාල හිඟයක් පවතිනවා. අක්ෂි ශෛල්‍යකර්ම කරන්න කාච හිඟයක් පවතිනවා. පසුගිය දවස්වල රුධිර පාරවිලයන ඖෂධවල විශාල හිඟයක් තිබුණා. රෝගීන් දිනෙන් දින මියගියා. සරල ඖෂධ නැති නිසා සායනික රෝගීන් මරණයට පත්වෙනවා වැඩියි. බෝ නොවන රෝග ඇති සියලු රෝගීන් අනතුරක සිටිනවා”

මේ අතර, අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් ඔෂධ නොමැතිවීමෙන් දැඩි අසීරුතාවට පත්ව සිටියේය. 

එමෙන්ම අප ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පැවසුවේ, අද (13) දින ප්‍රතිකාර ගැනීම සඳහා රජයේ රෝහල්වලට පැමිණි රෝගීන් ඖෂධ නොමැතිවීමෙන් යළි හැරී ගිය බවය.

Leave a Reply

Your email address will not be published.