චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් – ෂු මහතා ඇතුළු ඉහළපෙළේ නියෝජිත පිරිසක් අද (14) උදෑසන මෙරටට පැමිණියේය.
දූත පිරිස එළඹෙන 18 වැනිදා දක්වා මෙරට රැඳී සිටින අතර ඔවුන් චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් රජයේ ප්‍රධානීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් මුණගැසීමට නියමිතය.