රිය අනතුරු නිසා ජීවිත 8ක් බිලිගනී

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් අවුරුදු දෙකහමාරක කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 8දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ති‌බේ.

පොලීසිය පැවසුවේ ඊයේ (15) දින එම අනතුර සිදුව ඇති බවය.

රාගල, සමගිපුර ප්‍රදේශයේදී රාගල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවත ලිස්සා ගොස් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබුණි.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරියක් සහ කුඩා දරුවෙකු නුවරඑළිය රෝහල ඇතුළත් කිරීමේදී දරුවා මියගොස් තිබේ.

මියගිය දරුවා වයස අවුරුදු දෙකමහාරක සෙන්ලෙනාඩ් වත්ත, රාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් වයස අවුරුදු 16ක් වන ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර බෙලිඅත්ත – දික්වැල්ල මාර්ගයේ මිරිස්වතත් ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් 39 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

දික්වැල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් දකුණුපස ඇති අතුර මාර්ගයකට හැරවීමට යාමේදී ඉදියෙන් පැමිණි කුඩා ලොරි රථයක් ගැටී එම අනතුර සිදුව තිබුණි.

මේ අතර ගාල්ල – බද්දේගම මාර්ගයේදී මඩවලමුල්ල හන්දියේදී සිදුවූ රිය අනතුරකින් 50 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

බද්දේගම දෙසට ධාවනය වූ ජීප් රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී අතුරු මාර්ගය අයිනේ සිටි පුද්ගලයෙකු ගැටී එම අනතුර සිදුව ඇත.

මේ අතර කුරුඳුවත්ත, නාවලපිටිය, දොළොස්බාගේ මාර්ගයේ මෙන්ටක්‍රිස්ටෝ විද්‍යාලය ආසලදී ලංගම බස් රථයක ගමන්කළ පාසස් සිසුවෙකු බස් රථයකින් වැටී අනතුරක් සිදුව තිබුණි.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ 16 හැවිරිදි සිසුවා නාවලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මේ අතර ගලෙන්බිඳුණුවැව, සීප්පුකුලම මාර්ගයේ හිඹුටුගේල්ලෑව හන්දියේදී සිදුවූ රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ.

බද්දේගම – නාගොඩ මාර්ගයේ හැම්මැලිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ද 31 හැවිරිදි යුද හමුදා සෙබළෙක් මියගොස් ඇත.

යතුරපැදියක් හා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව තිබුණි.

කල්මුණේ පොලිස් වසමේ කොළඹ – මඩකලපුව මාර්ගයේ තාලවටුවාන හන්දියේදී සිදුවූ රිය අනතුරකින් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂට පත්ව තිබේ.

යතුරුපැදියක් හා වෑන් රථයක් ගැටී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කල්මුණේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.