ශ්‍රීලනිප විශේෂ විධායක සභා රැස්වීම අද

උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 12ක් එක්ව පසුගිය දා හෙලිකොප්ටරය ලකුණින් නිදහස් ජනතා සන්ධානය පිහිටවනු ලැබීය.

ඒ අනුව එම සන්ධානයේ විධායක සභා රැස්වීම අද පස්වරු 6.00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී එම රැස්වීම පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙහිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් පක්ෂ අතර අවසන් එකඟතාවක් ඇති කර ගැනීමට නියමිතය.

කෙසේවෙතත් මේ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත් වීමේ සුදානමක් පවතින බවට වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත් වී පළාත් පාලන මැතිවරණයට තනිව තරග කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

ඊයේ (15) දිනයේ ද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණු අතර නව සන්ධානය සමග ඉදිරියට කටයුතු කරන්නේ ද ? නැද්ද ? යන්න පිළිබඳව එහිදි සාකච්ඡා වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ගනු ලැබු තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් විසින් අද පැවැත්වෙන නිදහස් ජනතා සන්ධානයේ විශේෂ විධායක සභා රැස්වීමේ ප්‍රකාශයට පත්කරන බව පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

නිදහස් ජනතා සන්ධානයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් නොවන බව හිටපු බස්නාහිර පළාත් සභා අමාත්‍ය ගාමිණි තිලකසිරි මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.