මනුෂ්‍ය ඝාතන තුනක්

පුද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

ඊයේ (15) රාත්‍රි කාලයේ ගිරිඋල්ල පොලිස් වසමේ උදියාවල ප්‍රදේශයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, අවුරුදු 41 හා 39 වයසවල පසුවන දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

ඉන් එක් පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකා සැරයන්වරයෙක් බව පොලීසිය පවසයි.

මෘත ශරීර දඹදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (16) සිදුකිරීමට නියමිතව ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර වැල්ලම්පිටිය පොලිස් වසමේ ලංසියාවතත් ප්‍රදේශයේදී‍ කාන්තාවක් නිවසක් තුළ දී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

එසේ මියගොස් ඇත්තේ, 61 හැවිරිදි ලංසියාවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම ඝාතනය නිවසේ මෙහෙකාර කාන්තාව විසින් සිදුකර ඇති බවට අනාවරණය වී ඇති  අතර සැකකාර කාන්තාව ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.