සේපාල් අමරසිංහ ලබන 31 වනදා දක්වා රිමාන්ඩ්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ ලබන 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කළේය.

දළදා වහන්සේට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි ඔහුට විරුද්ධව චෝදනා එල්ලවී තිබේ.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරු සම්බන්ධයෙන් මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමට හැකියාව තිබෙන බවත් මහෙස්ත්‍රාත්වරයා එහිදී පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published.