සංචාරකයින් ට කොවිඩ් සීමා බලපාන ආකාරය ගැන තීරණයක්

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා මේ මොහොතේ නව කොවිඩ් නීති පැනවීමේ අවශ්‍යාතාවක් නොමැති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පසුගියදා පැවති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ ඇති බවය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, සෞඛ්‍ය බලධාරීන් සහ සංචාරක ක්ෂේත්‍රයේ ආයතන සමග පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන් වේ.

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නව කොවිඩ් පාලන ක්‍රමවේද හඳුන්වාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය 17 වැනිදා කටයුතු කළ අතර එය පසුව, 20 වනදා දක්වා කල් දැමීමට පියවර ගනු ලැබීය.

කෙසේවෙතත් වර්තමානයේ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී නව නීති මාලාවක් පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බවට හඳුනාගෙන ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

යම් හෙයකින් එවැනි නීති මාලාවක් හඳුන්වා දෙන්නේනම් සෞඛ්‍ය අමාත්‍යංශය හරහා පමණක් එය ක්‍රියාත්මක කිරීමට ද පසුගියදා පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළව ඇත.

Leave a Reply

Your email address will not be published.