වැඩි මිලට බිත්තර විකුණන සමාගම් මට්ටු කෙරේ

බිත්තරයක නිෂ්පාදන මිල හෝ ගණනය කරගැනීමට නොහැකි තත්ත්වයකට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පත්වී ඇති බවට එම දෙපාර්තමේන්තුවේ සත්ත්ව සංවර්ධන උපදේශකරු චෝදනා කරයි.

සමස්ත ලංකා සත්ත්ව සංවර්ධන උපදේශක සංගමය ඊයේ (27) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළේය. 

බිත්තර මිල ඉහළයාම පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය නීතිපති උපදෙස් මත පසුගිය 20 වනදා නව ගැසට් නිවේදනයක් ද නිකුත් කළේය.

එහි දැක්වුණේ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44 ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙසය.

ඒ අනුව, එම ගැසට් නිවේදනය ද නොතකමින් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික අධිකාරිය පසුගියදා වැටලීම් සිදුකළේය.

ඒ අනුව පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කළ මාංශ නිෂ්පාදන ආශ්‍රිත අලෙවි ජාලයකට අයත් සමාගමක දෙහිවල පිහිටි අලෙවිසැලකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (27) කටයුතු කළේය.

එමෙන්ම කොළඹ ප්‍රදේශවලට බිත්තර ගෙනැවිත් බෙදාහරින ප්‍රධාන ව්‍යාපාරයෙකුට සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ බිත්තර තොග සහ සිල්ලරට අලෙවි කරන වෙළෙඳසැලකට රුපියල් ලක්ෂය බැගින් ඊයේ දඩ නියම කරනු ලැබුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විසිනි.

කෙසේවෙතත් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද පාලන මිලට බිත්තර අලෙවි කෙරෙන ආකාරය දක්නට ලැබුණි.

කෙසේවෙතත්, ගම්පහ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ අනිවාර්යයෙන්ම බිත්තර ආනයනය කිරීමට කටයුතු කරන බවය.

“අපි බිත්තර ආනයනය කරන්න සියලු කටයුතු කළා. අපිට අනුමැතියක් ගන්න තියෙනවා එක ආයතනයකින්. ඒ සත්ත්ව නිෂ්පාදන ආයතනය. එකේ අනුමැතිය තාම අපිට ලැබිලා නෑ. අද හරි හෙට හරි අපිට අනුමැතිය ලැබුණොත් බිත්තර ආනයනය කරනවා.”

“එයාල රටේ ජනතාව ගැන නෙමේ හොයන්නේ. එයාලා හොන්නේ බිත්තර නිෂ්පාදනය කරන සමාගම් 2ක් 3ක් ගැන. අපි දැක්කා කෝප් කමිටුවේදීත් නිලධාරීන් හැසිරෙන විදිය.”

Leave a Reply

Your email address will not be published.