සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම මාර්ගගත ක්‍රමය ඔස්සේ

2022 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අයදුම්පත්‍ර අද(01) සිට  පෙබරවාරි 28 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ භාර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. 

කිසිදු හේතුවක් මත එම කාලය දීර්ඝ නොකරන බවද සදහන් කෙරේ. 

ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියවන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුමවන “Exams SRILANKA” වෙත පිවිස අදාළ උපදෙස් හොදින් කියවා ඒ අනුවම නිවැරදිව අයදුම්පත් කළ යුතුය. 

Leave a Reply

Your email address will not be published.