ජාතික නිදහස් සැමරුමට බාධා නොකරන්නැයි අධිකරණ නියෝගයක්

75 වන ජාතික නිදහස් සැමරුම් උළෙලට විරෝධය පළ කරමින් හෙට (04) කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවලට අදාළව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව 75 වන ජාතික නිදහස් සැමරුමට බාධා වන අයුරින් හෙට දිනයේ කිසිදු විරෝධතාවයක් නොපැවැත්විය යුතු අතර එවැන්නක් සඳහා ගාලු මුවදොර සහ ඒ අවට ප්‍රදේශයට ඇතුළුවීම වළක්වාලමින් මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ අධිකරණ නියෝගය නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.