විදුලි කප්පාදුව ගැන ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීරණය ලබාදුනි.

මානව හිමිකම් කොමිසම විසින් විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ අපහාස පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය කළ විනිසුරු මඩුල්ල වැඩිදුර සලකා බැලීම ලබන 07 වනදා සිදු කරන බවත් නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published.