කාන්තාවන් රැවටූ පුද්ගලයෙක් අත්අඩංගුවට

කාන්තාවන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් රැවටීමට ලක්කර මුදල් වංචා කළ අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි වියේ පසුවන හල්ඔලුව පල්ලේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පසුගිය 8 වනදා කටුගස්තොට ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

සැකකරු විසින් කාන්තාවන් වෙත දුරකථන ඇමතුම් ලබාදී අසභ්‍ය පණිවිඩ සහ වීඩියෝ දර්ශන යොමුකරමින් බලපෑම් සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ලද පැමිණිලිවලට අනුව මාතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සැකකරුගේ දුරකථන සහ බැංකු වාර්තා පිළිබඳ තොරතුරු හරහා මෙලෙස සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මොහු මෙලෙස තවත් කාන්තාවන් රැවටීමට ලක්කර යුතු ලෙස මුදල් ඉපැයීම් සිදුකර ඇති බවද අනාවරණය වී තිබේ.

මාතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.