විභාග නිරීක්ෂකගෙන් නීති දෙකක්

මෙවර උසස් පෙළ ගිණුම්කරණය විෂයට පෙනී සිටි සිටි සිසුවියක තමන්ට එම විභාග ශාලාවේ නිරීක්ෂකවරයකුගෙන් සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාට පැමිණීලි කර ඇත.

මෙලෙස අසාධාරණයට ලක්ව ඇත්තේ මෙවර දෙවන වරට උසස් පෙළ විභාගයට පෙනී සිටින පලාගල, මිරිහම්පිටිගම  පදිංචි සිසුවියකි. විභාග ශාලාවේදී තමන්ට සිදුවූ එම අසාධාරණයටම එම ශාලාවේම සිටි තවත් සිසුන් කිහිප දෙනෙකුටම මුහුණ දීමට සිදුවූ බවද ඇය පවසන්නීය.

සිසුවිය කළ පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ

ගිණුම්කරන විෂයට අදාල පළමු ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු ලියන්න අවශ්‍ය ගණක යන්ත්‍ර භාවිතා කරන්න සිසුන්ට අවශ්‍ය වෙනවා. ඒ නිසා සිසුන් ගණක යන්ත්‍ර රැගෙනවිත් තිබුණා. මමත් ඒ සදහා ගණක යන්ත්‍රයක් රැගෙන ගියා. මම රැගෙන ගියේ සැලසුම් සකස් කිරීමට නොහැකි ගණක යන්ත්‍රයක්.

නමුත් විභාගය අවස්ථාවේදී එම ශාලාවේ හිටපු නිරීක්ෂක මහත්වරු මගෙත් තවත් සිසුන් කිහිප දෙනෙක්ගෙත් එම ගණක යන්ත්‍ර ඉවත් කරන්න කටයුතු කළා.

මගේ වගේම එම ශාලාවේ හිටපු තවත් සිසුන් කිහිප දෙනෙකුගේ ගණක යන්ත්‍ර ඉවත් කිරීමට එම විභාග නිරීක්ෂකවරයා කටයුතු කළා. ශාලාවේ සෙසු පිරිස් ගණක යනුත්‍ර භාවිතා කළා. අපි දෙතුන් දෙනකුට තමා භාවිතා කරන්න දුන්නේ නැත්තෙ. මම මේ වතාවේ දෙවැනි වරටයි අ.පො.ස.උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ. පසුගිය වසරේදීත් මම මේ විභාගයට රැගෙන ගියේ මෙම ගණක යන්ත්‍රයමයි. එහිදී ගැටලුවක් නැතුව මම ගණක යන්ත්‍රය භාවිතා කළා යැයි ඇය පවසන්නීය.

Leave a Reply

Your email address will not be published.