කාන්තාවක් දූෂණය කළ අයෙකුට සිර දඬුවම්

විවාහය සාර්ථක කරගැනීම සඳහා දේවාලයක් වෙත පැමිණි තරුණියක් දූෂණය කළ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට අධිකරණය විසින් සිරදඬුවම් නියම කර තිබේ.

මෙලෙස සිර දඬුවමට ලක්ව ඇත්තේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි.

එහිදී අධිකරණය විසින් සැකකරුට වසර 15ක සිර දඬුවමක් ලබා දී ඇත.

ඊට අමතරව රුපියල් දහසක දඩයක් ගෙවන ලෙසත් එම දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවමක් හිමි යුතු බවත් අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.

2012 වර්ෂයේ ජූනි මස 28 වනදා දූෂණයට ලක්ව ඇති බව පැවසෙන කාන්තාව සිය පෙම්වතා සමඟ සිය විවාහය සාර්ථක කර දෙන්නැයි ඉල්ලා පූජාවක් තැබීමට අදාළ දේවස්ථානයට පැවසෙන ස්ථානය වෙත ගොස් ඇත.

එහිදී සැකකාරු විසින් බිත්තරයක් රැගෙන එන ලෙසට පවසා එම කාන්තාවගේ පෙම්වතා එම ස්ථානයෙන් පිටත්කර යවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අනතුරුව සැකකරු විසින් අදාළ කාන්තාව දූෂණයට ලක්කර ඇති බවට අනාවරණය වී ඇත.

නිත්‍යානුකූල බිරිඳට හෝ බලහත්කාරකමක් සිදුකිරීම නීතිය ඉදිරියේ වරදක් බවට පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විත්තිවාචකය බැහැර කරමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

Leave a Reply

Your email address will not be published.